bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Timothy 3
1 Timothy 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 4 →
1
යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය.
2
එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
3
ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ,
4
තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය.
5
(නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?)
6
ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය.
7
ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
8
එසේම උපස්ථායකයන් සන්සුන්වූ, දෙයාකාර කථා නැත්තාවූ, බොහෝ මුද්‍රිකපානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
9
ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.
10
තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස්නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා.
11
එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය.
12
උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවාගන්නෝව සිටිත්වා.
13
මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති.
14
ඔබට මේ කාරණා මා ලියා එවන්නේ, ඉක්මනින් ඔබ ළඟට එන්ට බලාපොරොත්තුවෙන නුමුත්,
15
මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා ඔබ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.
16
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6