bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 John 1
2 John 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
1
වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,
2
සැබෑවෙහි ප්‍රේමකරන්නාවූ තෝරාගත් ස්වාමිදුවටත් ඇගේ දරුවන්ටත් ලියා එවන වග නම්:
3
පියවූ දෙවියන්වහන්සේගෙන්ද පියාණන්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් සත්‍යතාවෙහි හා ප්‍රේමයෙහි අප සමඟ වන්නේය.
4
පියාණන්වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම ඔබේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවෙහි හැසිරෙනවා මට සම්බවුණ බැවින් ඉතා ප්‍රීතිවෙමි.
5
ඉඳින්, ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලියුවාක්මෙන් නොව, අප විසින් එකිනෙකාට ප්‍රේමකරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.
6
ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් ඔබ සැම පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.
7
මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.
8
අප විසින් කළ දේ ඔබ සැමට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් ඔබ සැමට ලැබෙන ලෙසත් ඔබ සැමම බලාගන්න.
9
ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.
10
ඔබ සැම වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.
11
මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.
12
බොහෝ කාරණා ඔබ සැමට ලියා එවන්ට මට තිබේ, නුමුත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තුවෙමි.
13
ඔබේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ ඔබට ආචාරකරති.
Jump to:
Chapter 1
All chapters:
1