bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Timothy 4
2 Timothy 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් ඔබට අණකරන්නේ නම්:
2
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.
3
මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,
4
සත්‍යයට කන් නොදී, ප්රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.
5
නුමුත් ඔබ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, ඔබේ සේවය සම්පූර්ණකරන්න.
6
මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ.
7
මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.
8
මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.
9
මා ළඟට නොපමාව එන්ට වෑයම් කරන්න.
10
මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.
11
ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් ඔබ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්රයෝජනවත්ය.
12
තුඛීකස් එපීසයට යැවීමි.
13
ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද, ඔබ එන විට ගෙනෙන්න.
14
ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාකදෙනවා ඇත.
15
ඔහු අතිශයින් අපගේ වචනවලට විරුද්ධව සිටිය නිසා ඔබත් ඔහුගෙන් ප්‍රවේසම්වෙන්න.
16
මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා.
17
නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.
18
ස්වාමීන්වහන්සේ හැම නපුරු වැඩවලින් මා මුදා ආරක්ෂාකොට, තමන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට මා පමුණුවනසේක. උන්වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්.
19
ප්‍රිස්කාටද අකිලාටද ඔනේසිපොරස්ගේ පවුලටද ආචාරකරන්න.
20
එරස්තස් කොරින්තියෙහි නැවතුණේය. නුමුත් ත්‍රොපිමස් ලෙඩවූ බැවින් මිලේතසෙහි නවත්වා ආවෙමි.
21
ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද ඔබට ආචාරකරති.
22
ස්වාමීන්වහන්සේ ඔබේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4