bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
3 John 1
3 John 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
1
වැඩිමහල්ලා වන මා විසින් සත්‍යතාවෙහි ප්‍රේමකරන ප්‍රේමවන්ත ගායස්ට ලියා එවන වග නම්:
2
ප්‍රේමවන්තය, ඔබේ ආත්මය සඵලවන්නාක්මෙන්ම ඔබ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.
3
ඔබ සැබෑවෙහි හැසිරෙන ලෙසම ඔබ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප්‍රීතිවුණෙමි.
4
මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.
5
ප්‍රේමවන්තය, ඔබ සහෝදරයන් හා ආගන්තුකයන්ව සිටින්නන්ට කරන යමක් ඇද්ද, ඔබ එයින් විශ්වාස ක්‍රියාවක් කරන්නෙහිය;
6
ඔව්හු ඔබේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂිදුන්නෝය. දෙවියන්වහන්සේට ඔබිනලෙස ඔබ ඔවුන්ගේ ගමනට උපකාරකිරිම යහපත්ය.
7
කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය.
8
අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය.
9
මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.
10
ඉන්නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ට වචන දොඩමින් කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා, සභාවෙන් ඔවුන් පහකරන්නේය.
11
ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.
12
දෙමේත්‍රියස්ට සියල්ලන්ගේද සැබෑකමේද සාක්ෂිය ඇත්තේය. එසේය, අපිත් සාක්ෂිදෙමුව; අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නෙහිය.
13
ඔබට බොහෝ දේ ලියා එවන්ට මට තිබුණේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් ඔබට ලියා එවන්ට නොකැමැත්තෙමි.
14
නුමුත් ඉක්මනින් ඔබ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. ඔබට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ ඔබට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.
Jump to:
Chapter 1
All chapters:
1