bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Daniel 8
Daniel 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 9 →
1
දානියෙල් වන මට මුලදී පෙනුණු දර්ශනයට පසුව බේල්ෂෙශර් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී තවත් දර්ශනයක් මට පෙනුණේය.
2
දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.
3
එවිට මම ඇස් ඔසවා බලා, ගංගාව ඉදිරියෙහි අං දෙකක් ඇති බැටළුවෙක් සිටිනවා දුටුවෙමි. අං දෙක උස්ව තිබුණේය; නුමුත් එකක් අනික් එකට වඩා උස්ව තිබුණේය, වඩා උස ඇති එක අන්තිමයට හටගත්තේය.
4
ඒ බැටළුවා බස්නාහිරද උතුරද දකුණද දෙසට අනිනවා දුටිමි; කිසි මෘගයෙකුට ඌට විරුද්ධව සිටින්ට බැරිවිය, උගේ අතින් ගළවන්ට කිසිවෙක් සිටියෙත් නැත; ඌ තමාගේ කැමැත්ත ලෙස කරමින් බලවත්වුණේය.
5
මා කල්පනාකරමින් සිටියදී, බලව, එළුවෙක් බස්නාහිරින් මුළු පොළොව මතු පිට බිම අඩි තබන්නේ නැතුව ආවේය. එළුවාට උගේ ඇස් අතරේ මහත් අඟක් තිබුණේය.
6
ගංගාව ඉදිරියෙහි සිටිනවා මා දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා දෙසට ඌ ඇවිත්, තමාගේ බලවත් කෝපයෙන් ඌ ළඟට දිවුවේය.
7
ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳ දැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.
8
එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.
9
එයින් එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය.
10
ඒක අහසේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය.
11
ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; උන්වහන්සේගෙන් දවස්පතා පූජාවද පහකරනු ලැබීය, උන්වහන්සේගේ ශුද්ධස්ථානයද හෙළනු ලැබීය.
12
දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.
13
එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.
14
ඔහුද: රෑ දාවල් දෙදාස් තුන්සියයක් පසුවන තුරුය; එකල ශුද්ධස්ථානය පවිත්‍රකරනු ලබන්නේයයි මට කීවේය.
15
තවද දානියෙල් වන මම දර්ශනය දුටුවිට එහි තේරුම සෙවීමි; එවිට මනුෂ්‍ය පෙනීමක් ඇති කෙනෙක් මා ඉදිරියෙහි සිටියේය.
16
තවද: ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම්කරදෙන්නැයි කියා මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගගේ ඉවුරු අතරෙන් මට ඇසුණේය.
17
ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.
18
ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ජාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.
19
ඔහු කථාකොට: බලව, උදහසේ කෙළවරදී සිද්ධවෙන දේ ඔබට දන්වමි. මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටය.
20
ඔබ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය.
21
රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය.
22
ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.
23
ඔවුන්ගේ රජකම් කිරීමේ අන්තිමේදී අපරාධකාරයන්ගේ පාප මිම්ම සම්පූර්ණවූ කළ, රෞද්‍ර මුහුණක් ඇත්තාවූ, වංචාවට සමර්ථවූ රජෙක් නැගිටින්නේය.
24
ඔහුගේ බලය සවිව තිබෙන්නේය, නුමුත් ඔහුගේම බලයෙන් නොවේ; ඔහු අද්භූතලෙස නාස්තිකරන්නේය, සඵලවෙමින් කැමැතිලෙස ක්‍රියාකරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශකරන්නේය.
25
ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵලකරගන්නේය; ඔහු තමාගේ සිතින් උසස්වී, බොහෝදෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැතිකරන්නේය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත; නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය.
26
මෙසේ කියනලද සවසෙත් උදයෙත් දර්ශනය සැබෑය. එහෙත් ඔබ දර්ශනය වසා තබන්න; මක්නිසාද ඊට බොහෝ දවස් යනවා ඇතැයි කීවේය.
27
එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12