bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Esther 2
Esther 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 3 →
1
මේ කාරණාවලට පසු, අහෂ්වේරෝෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේද ඈට විරුද්ධව කළ නියමයද සිහිකෙළේය.
2
එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා.
3
එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.
4
එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.
5
බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගන ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ
6
ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය.
7
ඔහු තමාගේ බාප්පාගේ දුවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය.
8
තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය.
9
තරුණීද ඔහු ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈට දී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.
10
එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය.
11
මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.
12
එක එක තරුණිය ස්ත්රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම,
13
ඈ රජු ළඟට පැමුණුණේ මෙසේය, එනම් ස්ත්රීන්ගේ ගෙයින් ඈ සමඟ ගෙනයන පිණිස ඈ ඉල්ලූ කොයි දෙයක් වුවත් ඈට දෙනලද්දේය.
14
ඈ සවස ගොස් පසුවදා ස්ත්රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාවූ උප භාර්යාවන්ගේ රැකවලාවූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඈට ප්‍රියව නම කියා ඈට අඬගැසුවොත් මිස නැත්නම් ඈ රජු ළඟට තවත් පැමුණුණේ නැත.
15
මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය.
16
මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.
17
රජද සියලුම ස්ත්රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය.
18
රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.
19
දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගන උන්නේය.
20
එස්තර් මොර්දෙකයි ඈට අණකළ ලෙස ඇගේ සෙනඟත් ජාතියත් නොදන්වා සිටියාය. මක්නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කළාක්මෙන් ඈ ඔහුගේ කීම ඉෂ්ටකළාය.
21
ඒ දවස්වලදී මොර්දෙකයි රජ වාසල වාඩිව ඉන්න කල්හි වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන් සහ තෙරෙෂ් කෝපවී, අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවෝය.
22
මොර්දෙකයිට ඒ බව දැනගන්ට ලැබී ඔහු එස්තර් බිසවට දැන්නුවේය. එස්තර්ද මොර්දෙකයිගේ නාමයෙන් රජුට කීවාය.
23
ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10