bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Galatians 4
Galatians 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 5 →
1
උරුමක්කාරයා සියල්ලටම ස්වාමියා නුමුත්, ඔහු බාලයෙක්ව සිටින තුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව,
2
පියා විසින් නියමකළ කාලය දක්වා, ප්‍රවේසම්කරන්නන් හා ගබඩාකාරයන් යටතේ සිටින්නේයයි කියමි.
3
එසේම අපිත් බාලයන්ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමුව.
4
නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක.
5
එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය.
6
තවද ඔබ සැම පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.
7
මෙසේ ඔබ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය; පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොටගෙන උරුමක්කාරයෙක්ය.
8
එසේවී නුමුත් ඔබ සැම ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.
9
නුමුත් දැන් ඔබ සැම දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, ඔබ සැම ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?
10
ඔබ සැම දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.
11
සමහරවිට ඔබ සැම උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා ඔබ සැම ගැන භයවෙමි.
12
සහෝදරයෙනි, මා ඔබ සැම මෙන් සිටින බැවින්, ඔබ සැමත් මා ලෙස සිටිනමෙන් ඔබ සැමගෙන් ඉල්ලමි. ඔබ සැම මට කිසි වැරැද්දක් කළේ නැත.
13
මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා ඔබ සැමට ශුභාරංචිය ප්‍රකාශකළ හැටි ඔබ සැම දන්නහුය.
14
මාගේ මාංසය සම්බන්ධයෙන් ඔබ සැමට පරීක්ෂාවක්ව තිබුණු දේ ඔබ සැම සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව ඔබ සැම දන්නහුය.
15
එසේවී නම් ඔබ සැමට තිබුණු ඒ ප්‍රීතිය කොයිද? මක්නිසාද පුළුවන්නම් ඔබ සැමගේ ඇස් උගුලා මට දෙන්ට පවා ඔබ සැම කැමතිව සිටිය බවට ඔබ සැම ගැන සාක්ෂිදෙමි.
16
එසේවී නම් මම ඔබ සැමට සැබෑව කියන බැවින් ඔබ සැමට සතුරෙක් වී සිටිම්ද?
17
ඔවුන් ඔබ සැම ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට ඔබ සැම ඔවුන් ගැන ජ්වලිතවන පිණිස ඔබ සැම අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති.
18
නුමුත් මා ඔබ සැම ළඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී, ජ්වලිතලෙස සොයනු ලැබීම යහපත.
19
මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම තුළ සෑදෙන තුරු ඔබ සැම නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
20
එසේය, පුළුවන් නම් දැන් ඔබ සැම ළඟ සිටින්ටද වෙන ආකාරයකින් කථාකරන්ටද කැමැත්තෙමි; මක්නිසාද ඔබ සැම ගැන වියවුල්ව සිටිමි.
21
ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, ඔබ සැම ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.
22
මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය.
23
නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.
24
මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය.
25
මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය.
26
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
27
මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ.
28
ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
29
නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.
30
එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි.
31
එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6