bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Habakkuk 3
Habakkuk 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
1
අනාගතවක්තෘවූ හබක්කුක් විසින් ෂිගියොනොත් වෘත්තයට ලියනලද යාච්ඤාවක්ය.
2
ස්වාමීන්වහන්ස මම ඔබගේ ප්රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්රියාකිරීම ප්රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.
3
දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්රශංසාවෙන් පිරුණේය.
4
උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය; උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේය. උන්වහන්සේගේ පරාක්රමයද එහි සැඟවී තිබුණේය.
5
උන්වහන්සේට පෙරටුවෙන් වසංගතය ගියේය, උන්වහන්සේගේ පාදවලින් ගිනි අකුණු නික්මුණේය.
6
උන්වහන්සේ සිට, පොළොව සෙලෙවූසේක; උන්වහන්සේ බලා, ජාතීන් වෙවුලෙවුසේක. සදාකාල කඳු විසිරුණේය, පුරාණ හෙල්ද නැමුණේය; උන්වහන්සේගේ ගමන් පුරාණෙහි මෙන් විය.
7
කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.
8
ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?
9
ගෝත්රවලට දුන් දිවුරුම් වචනය ප්රකාරයට, ඔබගේ දුන්නේ වැස්ම ඇරලාම තිබුණේය. ගංගා සෑදෙන ලෙස ඔබ පොළොව පැළූසේක.
10
කඳු ඔබ දැක භයවූය; ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය.
11
විහිදුණාවූ ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිහෙන සෙල්ලයේ දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමානවල නැවතී සිටියෝය.
12
ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක.
13
ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක.
14
ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය.
15
මුහුද එනම් මහත් ජලස්කන්ධ පිට ඔබගේ අසුන් ඇතුව ඔබ පාගාගියසේක.
16
මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.
17
මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;
18
මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්රීතිමත්වන්නෙමි.
19
ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
All chapters:
1
2
3