bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Haggai 1
Haggai 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 2 →
1
දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.
2
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.
3
එකල ස්වාමීන්වහන්සේ ගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ:
4
මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන ඔබ සැමගේ ගෙවල්වල වාසයකිරීමට ඔබ සැමට මෙය නිසි කාලයද?
5
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ මාර්ග සිතට ගන්න.
6
ඔබ සැම බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; ඔබ සැම කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.
7
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ මාර්ග සිතට ගන්න.
8
මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, ඔබ සැම කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
ඔබ සැම බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; ඔබ සැම ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී ඔබ සැම එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.
10
එබැවින් ඔබ සැම නිසා ආකාශයෙන් පිනි නැවතී තිබේ, පොළොවෙන් එහි ඵල වැලකී තිබේ.
11
මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් හටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.
12
එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.
13
එකල ස්වාමීන්වහන්සේ ගේ පණිවිඩකාරයාවූ හග්ගයි ස්වාමීන්වහන්සේ ගේ පණිවිඩයේ හැටියට සෙනඟට කථාකොට: මම ඔබ සැම සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
14
තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.
15
ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි වැඩය කළෝය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 2 →
All chapters:
1
2