bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
James 4
James 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 5 →
1
ඔබ සැම අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධකරන ඔබ සැමගේ තෘෂ්ණාවලින් නොවේද?
2
ඔබ සැම ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. ඔබ සැම මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. ඔබ සැම ඩබරද යුද්ධද කරන්නහුය; ඔබ සැම නොඉල්ලන බැවින් ඔබ සැමට නොලැබෙන්නේය.
3
ඔබ සැම ඉල්ලන නුමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.
4
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව ඔබ සැම දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
5
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි ඔබ සැම සිතන්නහුද?
6
නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.
7
එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු ඔබ සැම වෙතින් පලායනවා ඇත.
8
දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැමට ළංවෙනසේක. පව්කාරයෙනි, ඔබ සැමගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබ සැමගේ සිත් පරිසිදුකරගන්න.
9
දුක්වෙමින් වැලපෙමින් හඬන්න. ඔබ සැමගේ සිනාසීම ශෝකයටත් ඔබ සැමගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.
10
ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ ඔබ සැම උසස්කරනසේක.
11
සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කථා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කථාකරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චයකරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කථාකරන්නේය, ව්‍යවස්ථාව විනිශ්චයකරන්නේය. ඉඳින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චයකරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්ය.
12
නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය, එනම් ගළවන්ටත් විනාශකරන්ටත් පුළුවන් තැනන්වහන්සේය. නුමුත් ඔබේ අසල්වාසියා විනිශ්චයකරන ඔබ කවුද?
13
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න.
14
මක්නිසාද හෙට මක්වේද කියා ඔබ සැම දන්නේ නැත. ඔබ සැමගේ ජීවිතය මොකක්ද? ඔබ සැම ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
15
එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි ඔබ සැම විසින් කිය යුතුය.
16
නුමුත් දැන් ඔබ සැමගේ අහංකාර කථාවලින් ඔබ සැම පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.
17
එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 5 →
All chapters:
1
2
3
4
5