bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Malachi 1
Malachi 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
1
මලාකී කරණකොටගෙන ඉශ්රායෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේ ගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය.
2
මම ඔබ සැමට ප්‍රේමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: ඔබවහන්සේ අපට ප්‍රේමකළේ කුමකින්දැයි ඔබ සැම අසන්නහුය. ඒසව් යාකොබ්ගේ සහෝදරයා නොවේද? එහෙත් මම යාකොබ්ට ප්‍රේමකොට,
3
ඒසව්ට අප්‍රියවී, ඔහුගේ කඳු පාළුවක් කෙළෙමි, ඔහුගේ උරුමයද කාන්තාරයේ සිවලුන්ට දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4
අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේ ගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.
5
එය ඔබ සැමගේ ඇස්වලට පෙනෙනවා ඇත, ඔබ සැමද: ඉශ්රායෙල් පළාතෙන් එපිටත් ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි කියන්නහුය.
6
පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ ඔබ සැමගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි ඔබ සැම අසන්නහුය.
7
මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පුකිරීමෙන්ය. එහෙත්; අපි කුමකින් ඔබ අපවිත්‍රකෙළෙමුදැයි ඔබ සැම අසන්නහුය. ස්වාමීන්වහන්සේ ගේ මේසය සුළුයයි ඔබ සැම විසින් කීමෙන්ය.
8
ඔබ සැම පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද ඔබ සැම ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය ඔබේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු ඔබ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් ඔබව පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
9
එබැවින් දෙවියන්වහන්සේ අපට දයාවන පිණිස දැන් උන්වහන්සේට කන්නලව්කරන්න. මේක වුණේ ඔබ සැම කරණකොටගෙනය. උන්වහන්සේ ඔබ සැමගෙන් කිසිවෙකුවත් පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
10
අනේ ඔබ සැම මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් ඔබ සැම අතරේ ඇත්නම් හොඳය! ඔබ සැම කෙරේ මට ප්‍රසන්නයක් නැත, ඔබ සැමගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
11
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
12
නුමුත් ඔබ සැම: ස්වාමීන්වහන්සේ ගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.
13
තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා ඔබ සැම එය සුළුකළහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් ඔබ සැම ගෙනාවහුය; මෙසේ ඔබ සැම ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම ඔබ සැමගේ අත්වලින් එය පිළිගනිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14
එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 2 →
All chapters:
1
2
3
4