bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Obadiah 1
Obadiah 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
1
ඔබදියාගේ දර්ශනයය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදොම් ගැන මෙසේ කියනසේක: නැගිටින්න, අපි ඈට විරුද්ධව යුද්ධයට නැගිට යමුයයි කියන්ට ජාතීන් අතරට පණිවිඩකාරයෙක් අරිනු ලැබුවේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ වෙතින් ලැබීමුව.
2
බලව, මම ඔබ ජාතීන් අතරෙහි කුඩාකෙළෙමි. ඔබ ඉතා සුළුකොට සලකනු ලබයි.
3
පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ ඔබ ඔබේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.
4
ඔබ රාජාලියාමෙන් ඔබේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත්, එතනින් ඔබ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
5
අහෝ ඔබ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් ඔබ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ ඔබ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?
6
අනේ ඒසව්ගේ දේවල් සොයාගනු ලැබූ හැටි! ඔහුගේ සඟවනලද වස්තු සෝදිසිකරනු ලැබූ හැටි!
7
ඔබේ ගිවිසුමේ සියලු මනුෂ්‍යයෝ සීමාව දක්වා ඔබ පන්නා හැරියෝය. ඔබ සමඟ සමාදානයෙන් සිටි මනුෂ්‍යයෝ ඔබ රවටා පරාජයකළෝය; ඔබේ කෑම කන අයද ඔබ යට මලපතක් තබති. ඔහුට කිසි තේරුමක් නැත.
8
ඒ කාලයේදී මම ඒදොමෙන් ප්‍රඥාවන්තයන්ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානයද නැති නොකරන්නෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
ඒසව්ගේ කඳු කරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, ඔබේ බලවන්තයෝ කැලඹෙන්නෝය.
10
ඔබේ සහෝදරවූ යාකොබ්ට කළ බලාත්කාරය නිසා ඔබ ලජ්ජාවෙන් වැසෙනවා ඇත, සදාකාලේටම සිඳදමනු ලබනවා ඇත.
11
ඔබ අහකට වී සිටිය දවසේදීද, විදේශීන් ඔහුගේ දේපළ ගෙනගියාවූ, පරදේශීන් ඔහුගේ දොරටුවට ඇතුල්වී යෙරුසලම ගැන දාදුදැමුවාවූ දවසේදීද, ඔබත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙන් වූවෙහිය.
12
ඔබේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න, යූදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න; ඔවුන්ගේ විපත්ති දවසේදී උඩඟුකමෙන් කථා නොකරන්න.
13
මාගේ සෙනඟගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ දොරටුවලට ඇතුල් නොවන්න; එසේය, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ විපත්තිය නොබලන්න, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ සම්පත්වලට අත නොපොවන්න.
14
ඔවුන්ගෙන් පලායන්නන් සිඳදමන්ට මංසන්ධියෙහි නොසිටින්න; විපත්ති දවසේදී ඔවුන්ගෙන් ඉතිරිවුණ අය පාවා නොදෙන්න.
15
මක්නිසාද සියලු ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමීන්වහන්සේ ගේ දවස ළංව තිබේ. ඔබ කළ හැටියටම ඔබට කරනවා ඇත; ඔබේ ක්‍රියාව ඔබේම හිස පිටට හැරී එනවා ඇත.
16
එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින ඔබ සැම බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.
17
නුමුත් සියොන් කන්දෙහි සමහරෙක් මිදී සිටිනවා ඇත, එයද ශුද්ධව තිබෙන්නේය; යාකොබ්ගේ වංශය තමුන්ගේ උරුමවල් උරුමකරගන්නවා ඇත.
18
තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද යෝසෙප්ගේ වංශය ගිනිදැල්ලක්ද ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තුකර දවා දමනවා ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.
19
තවද දකුණු දිශාවේ අය ඒසව්ගේ කඳුකරයත් පාත රටේ අය පිලිස්තිවරුන්ගේ රටත් හිමිකරගන්නවා ඇත. ඔවුන් ඒප්රායිම් කෙත් හා සමාරියේ කෙත්ද බෙන්යමින්වරුන් ගිලියද්ද හිමිකරගන්නවා ඇත.
20
කානාන්වරුන් අතරේ වහල්වී සිටින ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් මේ සමුදාව ශාරෙපත් දක්වාම හිමිකරගන්නෝය; සෙපාරද්හි වහල්වී සිටින යෙරුසලමේ අය දකුණු දිශාවේ නුවරවල්ද හිමිකරගන්නෝය.
21
තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේ ගේ වන්නේය.
Jump to:
Chapter 1
All chapters:
1