bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Philemon 1
Philemon 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
1
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමෝතියස්ද යන අප විසින් අපේ ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්වූ පිලෙමොන්ටද,
2
අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද ඔබේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:
3
අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
4
ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන ඔබේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා,
5
ඔබ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් ඔබේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස,
6
මාගේ යාච්ඤාවලදී ඔබ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
7
මක්නිසාද සහෝදරය, ඔබ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් ඔබේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.
8
ඒ නිසා සුදුසුව තිබෙන දෙය ඔබට ආඥාකරන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ මට බොහෝ නිසැකකම තිබෙන නුමුත්,
9
එසේ නොකර, මහලුව, දැනට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල් නම් මම, ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.
10
එසේ මා ඔබෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය.
11
ඔහු වරක් ඔබට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් ඔබටත් මටත් ප්‍රයෝජනව සිටියි.
12
මාගේම සිත වැනිවූ ඔහු ඔබ වෙත නැවත එවීමි.
13
ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.
14
නුමුත් ඔබේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, ඔබේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටුනූණෙමි.
15
මක්නිසාද සමහරවිට ඔහු කලකට ඔබෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා ප්‍රේමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු ඔබට ලැබෙන පිණිස වෙන්ට පුළුවන.
16
විශේෂ ලෙස මට ප්‍රේමවන්ත සහෝදරයෙක්වූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමීන්වහන්සේ තුළ ඔබටත් එසේ නොවන්නේද.
17
ඉඳින් ඔබ මා පංගුකාරයෙකු කොට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගන්න.
18
ඔහු ඔබට අයුත්තක් කළා නම්, නොහොත් ඔබට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න.
19
පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] ඔබම මට ණයක්ව සිටින බව ඔබට නොකියන පිණිසය.
20
එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ ඔබෙන් මට ප්‍රීතිය ලැබේවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත්කරන්න.
21
මා ඔබට ලියා එවන්නේ මා කියනවාටත් වඩා ඔබ කරන බව මා දැන, ඔබේ කීකරුකම විශ්වාසකරගනය.
22
ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද ඔබ සැමගේ යාච්ඤා කරණකොටගෙන මා ඔබ සැමට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.
23
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් හිරකාරයාවූ එපප්රස්ද
24
මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කිස්ද දේමස්ද ලූක්ද ඔබට ආචාර කරති.
25
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැමගේ ආත්ම සමඟ වේවා. ආමෙන්.
Jump to:
Chapter 1
All chapters:
1