bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Philippians 4
Philippians 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
2
ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.
3
එසේය, මේ ස්ත්රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.
4
ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.
5
ඔබ සැමගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.
6
ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
7
එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
8
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
9
ඔබ සැම ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනවා ඇත.
10
මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට ඔබ සැම නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන ඔබ සැම ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත.
11
හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.
12
පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.
13
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.
14
එසේවී නුමුත් ඔබ සැම මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.
15
පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල ඔබ සැම මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව ඔබ සැමත් දනිහුය.
16
මක්නිසාද තෙසලෝනිකයට පවා ඔබ සැම මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.
17
මා තෑග්ග සොයනවා නොව, ඔබ සැමගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි.
18
නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. ඔබ සැම විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.
19
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට ඔබ සැමගේ සියලු හිඟකම සම්පූර්ණකරනසේක.
20
ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.
21
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑමදෙනාට ආචාරකරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබ සැමට ආචාරකරති.
22
සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද ඔබ සැමට ආචාර කරති.
23
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැමගේ ආත්මය සමඟ වේවා.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4