bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Zephaniah 3
Zephaniah 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
1
කැරළිකාරවූ, අපවිත්‍රවූ, පීඩාකරන්නාවූ නුවරට දුක්වේ!
2
ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත.
3
ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.
4
ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.
5
ඈ තුළ ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනසේක; උන්වහන්සේ අධර්මිෂ්ඨකම නොකරනසේක; නොවරදවා උදයක් පාසා උන්වහන්සේ තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙනසේක; නුමුත් අධර්මිෂ්ඨයාට ලජ්ජාව නොදැනෙයි.
6
මම ජාතීන් සිඳදැමීමි, ඔවුන්ගේ පවුරු මුදුන් පාළුවී තිබේ; ඔවුන්ගේ වීථිවල කිසිවෙක් නොයන හැටියට ඒවා පාළුකෙළෙමි. ඔවුන්ගේ නුවරවල මනුෂ්‍යයෙක්වත් වැසියෙක්වත් නොසිටින ලෙස ඒවා නටබුන්වී තිබේ.
7
මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: ඔබ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.
8
එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.
9
එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේ ගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.
10
විසිරගිය මාගේ සෙනඟ වන මට කන්නලව්කරන්නෝ කූෂ් ගංගාවලට එගොඩින් මාගේ පඬුර ගෙනෙන්නෝය.
11
ඔබ මට විරුද්ධව කළාවූ ඔබේ සියලු අපරාධ ක්‍රියා නිසා ඒ කාලයේදී ඔබ ලජ්ජාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද මම එකල ඔබේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් ඔබ තුළෙන් පහකරන්නෙමි, ඔබද මාගේ ශුද්ධවූ කන්දෙහි තවත් උදාරම් නොවන්නෙහිය.
12
මම ඔබ තුළ යටහත්වූ දිළිඳුවූ සෙනඟක් ඉතිරිකරන්නෙමි, ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය.
13
ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.
14
සියොන් දියණියෙනි, ගී කියන්න; ඉශ්රායෙල්, ඝෝෂාකරන්න; යෙරුසලම් දියණියෙනි, මුළු සිතින් සන්තෝෂවී ප්‍රීතිමත්වෙන්න.
15
ස්වාමීන්වහන්සේ ඔබේ විනිශ්චයන් පහකළසේක, ඔබේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ ඔබ තුළ සිටිනසේක. ඔබ තවත් විපත්තියට භය නොවන්නෙහිය.
16
ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, ඔබේ අත් හෙළාවැටී නොතිබේවා.
17
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් ඔබ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් ඔබ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.
18
මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු ඔබට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය.
19
ඒ කාලයේදී ඔබට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.
20
මා විසින් ඔබ සැම රැස්කරන ඒ කාලයෙහිම ඔබ සැම ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔබ සැමගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි ඔබ සැම නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
All chapters:
1
2
3