bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Timothy 2
2 Timothy 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න.
2
බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේ, අන්‍යයන්ට ඉගැන්වීමට හැකි, විශ්වාසවන්ත පුද්ගලයන්ට පවරා දෙන්න.
3
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසී හේවායෙකු සේ දුක් විඳීමට පංගුකාරයෙක් වන්න.
4
ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි.
5
තවද, තරඟයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත.
6
අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය.
7
මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.
8
මාගේ සුබ අස්නේ තේමාව නම්; “දාවිත්ගේ වංශයෙන් උපන්, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.”
9
අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.
10
එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි.
11
පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය. “අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;
12
අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු; අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.
13
අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක. මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”
14
මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.
15
ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.
16
තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ.
17
ඔවුන්ගේ ඒ ඉගැන්වීම් පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්.
18
ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.
19
කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලෝ ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”
20
විශාල ගෙයක රන් රිදී භාජන පමණක් නොව, ලී හා මැටි භාජනත් තිබේ. මුලින් කී ඒවා වටිනා ලෙසත් සෙසු ඒවා නොවටිනා ලෙසත් සැලකිය හැකි ය.
21
එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය.
22
යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී, පිරිසිදු සිතින් සමිඳාණන් වහන්සේගේ නම අමතන අය සමඟ දමිටුකමත්, විශ්වාසයත්, ප්‍රේමයත්, සාමයත් සොයා යන්න.
23
හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න.
24
සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය.
25
විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.
26
මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4