bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Timothy 3
2 Timothy 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.
2
ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,
3
අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,
4
ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.
5
දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.
6
මන්ද, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී, පවින් බර වූ, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු
7
නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති.
8
යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.
9
එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.
10
එහෙත් මගේ ඉගැන්වීම ද හැසිරීම ද අරමුණ ද ඇදහිල්ල ද ඉවසිලිවන්තකම ද ප්‍රේමය ද ශාන්තිය ද
11
අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.
12
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලෝ ම පීඩා විඳින්නෝ ය.
13
එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.
14
එහෙත් ඔබ ඉගෙනගත්, ඔබ සහතික ලෙස අදහන දේවල් සිතේ තබාගන්න. ඔබේ ගුරුවරුන් අමතක නොකරන්න.
15
ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.
16
දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.
17
දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4