bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Daniel 12
Daniel 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
1
ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.
2
පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය.
3
නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.
4
“එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”
5
එවිට දානියෙල් වන මම බැලූ විට, තවත් දෙදෙනෙකු සිටිනු දිටිමි. එක් කෙනෙකු ගඟෙන් මෙගොඩ ද එක් කෙනෙකු ගඟෙන් එගොඩ ද සිටිනු දිටිමි.
6
එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි.
7
එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.
8
මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි.
9
ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත.
10
බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති.
11
“දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය.
12
එක්දාස් තුන්සිය තිස්පස් වන දවස දක්වා ජීවත් වන්නෝ වාසනාවන්තයෝ ය.
13
“දානියෙල්, නුඹ දැන් ගොස් අන්තිමය වන තුරු විශ්වාසවන්ත ව සිටින්න. නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහි ය”යි කීවේ ය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12