bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ecclesiastes 3
Ecclesiastes 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 4 →
1
හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත.
2
උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;
3
මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;
4
අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;
5
පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;
6
සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;
7
ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;
8
ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.
9
අපේ සියලු වැඩකටයුතුවලින් කවර ප්‍රයෝජනයක් ඇද් ද?
10
දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්යය මම දනිමි.
11
උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය.
12
එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි.
13
අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.
14
දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය.
15
දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.
16
මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි.
17
එවිට, “දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් එක සේ විනිශ්චය කරනු ඇත; සියලු කාරණාවලටත්, සියලු වැඩවලටත් නියමිත කාලයක් පැමිණේ යැ”යි මම සිතාගත්තෙමි.
18
“මනුෂ්‍යයන් මෙසේ ක්‍රියා කරන්නේ, දෙවියන් වහන්සේ ඔවුන් සෝදිසි කොට ඔවුන් තිරිසනුන්ට වඩා උසස් නොවන බව ඔවුන්ට දන්වන පිණිස ය”යි මම සිතින් සිතාගත්තෙමි.
19
ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය.
20
සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය.
21
මනුෂ්‍යයන්ගේ පණ ඉහළට නැඟී යනු ඇද්ද කියාත්, තිරිසනාගේ පණ පොළොවේ පස යටට බසිනු ඇද්ද කියාත් දන්නේ කවරෙක් ද?
22
මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12