bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ecclesiastes 4
Ecclesiastes 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
1
මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.
2
එබැවින්, “තව ම ජීවත් ව සිටින්නන්ට වඩා මළගිය ඇත්තන්ගේ තත්ත්වය යෙහෙකැ”යි මම කීයෙමි.
3
තවද, “ඒ දෙගොල්ලට ම වඩා මිහි පිට කෙරෙන නපුරු ක්රියා නොදුටු, තව ම නූපන් මිනිසා වාසනාවන්ත යැ”යි කල්පනා කෙළෙමි.
4
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
5
“තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති.
6
එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.
7
එකල මම තවත් නිසරු දෙයක් මිහි පිට ඇති බව දිටිමි.
8
කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
9
එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්රතිඵල ලබාගනු ඇත.
10
ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!
11
තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද?
12
තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.
13
අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.
14
ඔහු හිරගෙදරින් රජ ගෙදරට ගිය, දිළිඳුකමින් රජකමට ගිය කෙනෙකු වුවත් එය සැබෑ ය.
15
“මිහි පිට ඇවිදින ජීවමාන මිනිසුන් අතර රජකමට සුදුසු එවැනි යෞවනයෝ ඇතැ”යි මට කල්පනා වේ.
16
ඔහු ගණන් කළ නොහැකි තරම් සෙනඟකට අධිපති ව රජකම් කරනු ඇත. එහෙත්, ඔහුගේ ඇවෑමෙන් පසු, ඔහු කළ දේ ගැන කෘතඥතාව දක්වන කිසිවෙක් නැත. මෙය ද නිසරු දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12