bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezra 10
Ezra 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
1
මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ.
2
එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.
3
ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.
4
නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.
5
එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ.
6
එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි.
7
එවිට විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි සියලු දෙන ම ජෙරුසලමට රැස් වන්නට කියා ප්රකාශනයක් ජුදා හා ජෙරුසලම මුළුල්ලේ පළ කරන ලදී.
8
තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී.
9
එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.
10
පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.
11
එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය.
12
එවිට මුළු සභාව මහා හඬකින් පිළිතුරු දෙමින්, “එසේ ය, ඔබ කී ලෙස අප කළ යුතු ය.
13
එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ.
14
දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් ක්‍රියා කරත්වා. මේ කාරණය නිසා, අපේ දෙවියන් වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහ ව යන තුරු, අපේ නගරවල අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටින සියල්ලෝ ද ඔවුන් සමඟ එක එක නුවර ප්‍රජා මූලිකයෝ ද විනිශ්චයකරුවෝ ද නියමිත කාලවල දී පැමිණෙත්වා”යි කීවෝ ය.
15
මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.
16
විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය එසේ කළෝ ය. පූජක එස්රා ද තමන්ගේ පිය වංශවල හැටියට පිය වංශවල ප්‍රධානීන් එකිනෙකා නම් වශයෙන් පත් කෙළේ ය. ඔව්හු මේ කාරණය විභාග කරන්නට දස වන මාසයේ පළමු වන දා ආරම්භ කළෝ ය.
17
අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටි සියලු දෙනා සම්බන්ධ කරුණු ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා තීන්දු කළෝ ය.
18
පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය.
19
ඔව්හු තමන්ගේ භාර්යාවන් අත්හරින බවට පොරොන්දු දුන්හ. තවද, ඔව්හු පාප පූජාවක් වශයෙන් රැළෙන් බැටළුවෙකු බැගින් ඔප්පු කළෝ ය.
20
ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියා ය.
21
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, ජෙහියෙල් සහ උශ්ශියා ය.
22
පෂ්හුර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, ජෝසාබාද් සහ එලාසා ය.
23
ලෙවීවරුන්ගෙන් ජෝසාබාද්, ෂිමෙයි, කේලායා එනම්, කෙලීටා, පෙතහියා, ජුදා සහ එලියෙසෙර් ය.
24
ගීතිකාකාරයන්ගෙන් එලියාෂිබ් ය. දොරටු පාලකයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරී ය.
25
ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය.
26
ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.
27
සට්ටුගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂිබ්, මත්තනියා, ජෙරේමොත්, සාබාද් සහ අසීසා ය.
28
බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.
29
බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.
30
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේ ය.
31
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
32
බෙන්ජමින්, මල්ලුක් සහ ෂෙමරියා ය.
33
හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිපෙලෙත්, ජෙරේමයි, මනස්සේ සහ ෂිමෙයි ය.
34
බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල් ය;
35
බෙනායා, බේදෙයා, කෙලූහී;
36
වනියා, මෙරේමොත්, එලියාෂිබ්,
37
මත්තනියා, මත්තෙනයි සහ ජාසු ය;
38
බානී, බින්නුයි සහ ෂිමෙයි ය.
39
ෂෙලමියා, නාතාන් සහ අදායා ය;
40
මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි;
41
අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා;
42
ෂල්ලුම්, අමරියා සහ ජෝසෙප් ය.
43
නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.
44
මේ හැම දෙන ම අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටියෝ ය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන් ද ලැබ සිටියෝ ය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
All chapters:
1
2
3
4
5
6
7
8
9
10