bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezra 2
Ezra 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 3 →
1
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:
2
ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:
3
පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.
4
ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය.
5
ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය.
6
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.
7
ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.
8
ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස්පස්දෙනෙක් ය.
9
ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය.
10
බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය.
11
බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.
12
අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය.
13
අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහයදෙනෙක් ය.
14
බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පණස්හයදෙනෙක් ය.
15
ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පණස්හතරදෙනෙක් ය.
16
හෙසකියාගෙන් වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය.
17
බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය.
18
ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
19
හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.
20
ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
21
බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.
22
නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය.
23
අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.
24
අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය.
25
කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.
26
රාමාහිත්, ගෙබාහිත් පුත්‍රයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.
27
මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.
28
බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.
29
නෙබෝහි පුත්‍රයෝ පණස්දෙදෙනෙක් ය.
30
මග්බිෂ්හි පුත්‍රයෝ එකසිය පණස්හයදෙනෙක් ය.
31
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.
32
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.
33
ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.
34
ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.
35
සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය.
36
පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.
37
ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය.
38
පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.
39
හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.
40
ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.
41
ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය.
42
දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය.
43
දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;
44
කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය;
45
ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; අක්කුබ්ගේ පුත්‍රයෝ ය;
46
හාගාබ්ගේ පුත්‍රයෝ ය; ෂම්ලායිගේ පුත්‍රයෝ ය; හානාන්ගේ පුත්‍රයෝ ය;
47
ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; රෙයායාගේ පුත්‍රයෝ ය;
48
රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; ගස්සාම්ගේ පුත්‍රයෝ ය;
49
උශ්ශාගේ පුත්‍රයෝ ය; පාසේයාගේ පුත්‍රයෝ ය; බේසයිගේ පුත්‍රයෝ ය;
50
අස්නාගේ පුත්‍රයෝ ය; මෙයුනීම්ගේ පුත්‍රයෝ ය; නෙපීසිම්ගේ පුත්‍රයෝ ය;
51
බක්බුක්ගේ පුත්‍රයෝ ය; හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය;
52
බශ්ලුත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය;
53
බර්කොස්ගේ පුත්‍රයෝ ය; සීසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය;
54
නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය;
55
සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරුදාගේ පුත්‍රයෝ ය;
56
ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය;
57
ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමීගේ පුත්‍රයෝ ය.
58
දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.
59
තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්:
60
දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පණස්දෙදෙනෙක් ය.
61
පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.
62
පෙළපත් වශයෙන් ගණන් ගන්නා ලද ලේඛනයෙහි ඔවුන්ගේ නම් සෙවූ නමුත්, හමුනොවූ බැවින්, මොවුහු අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවෝ ය.
63
ඌරීම් සහ තුම්මිම් දරන පූජකයෙකු නැඟිටින තුරු, අතිශුද්ධ දේවලින් නොකන හැටියට ආණ්ඩුකාරයා ඔවුන්ට අණ කෙළේ ය.
64
මුළු සභාවේ ගණන හතළිස් දෙදාස් තුන්සිය හැටක් ය.
65
ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය.
66
ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය;
67
ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.
68
තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ.
69
ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.
70
මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10