bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Haggai 1
Haggai 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 2 →
1
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.
2
“දේව මාලිගාව නැවත ගොඩනැඟීමට නිසි කාලය පැමිණ නැතැ යි මේ සෙනඟ කියති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
3
එවිට මේ පණිවුඩය දිවැසිවර හග්ගයි මඟින් උන් වහන්සේ ප්රකාශ කළ සේක:
4
“මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
5
නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
6
නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.
7
සර්ව පරාක්රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
8
කඳුකරයට ගොස් ලී ගෙනවුත්, මා ප්රසන්න වන පිණිස ද මට නිසි නමස්කාරය ලැබෙන පිණිස ද දේව මාලිගාව නැවත ගොඩනඟන්න.
9
“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.
10
අහසින් වැසි නොවසින්නේත්, පොළොවෙන් පල හට නොගන්නේත් ඒ නිසා ය.
11
මා දේශය පිට ද කඳු හෙල් පිට ද නියඟයක් පමුණුවා ඇත; තෘණ භූමි ද මිදි වතු ද ඔලීව වතු ද හැම භවහෝග වගාවන් ද මිනිසුන් හා සිවුපාවුන් ද ඔවුන් කරන හැම වගාවන් ද පිට එය පමුණුවා ඇත.”
12
එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා ද ඉතිරි වූ කුඩා පිරිස අතර සියල්ලෝ ද ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නියම කළ දේ කළහ. ඔව්හු සමිඳාණන් වහන්සේට මහත් සේ ගරුබිය දැක්වූ හ; සමිඳාණන් වහන්සේගේ දූතයා වන දිවැසිවර හග්ගයිට කීකරු වූ හ.
13
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා වන හග්ගයි, “මම ඔබ සමඟ සිටිමි; සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක; එය මාගේ පොරොන්දුව ය”යි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සෙනඟට ප්රකාශ කෙළේ ය.
14
සමිඳාණන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේ ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේ ද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේ ද සිත් දිරිගැන්වූ සේක. තමන්ගේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ ම මාලිගාව ගොඩනැඟීමට ඔව්හු පටන්ගත්හ.
15
මෙසේ පටන්ගනු ලැබුවේ දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ විසිහතර වන දා ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 2 →
All chapters:
1
2