bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Haggai 2
Haggai 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
1
එම අවුරුද්දේ ම හත් වන මාසයේ විසිඑක් වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් කතා කළ සේක.
2
ජුදාහි ආණ්ඩුකාර වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන් වහන්සේ හග්ගයිට නියම කළ සේක:
3
“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?
4
එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
5
නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.
6
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.
7
***
8
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.
9
අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”
10
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ නව වන මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ නැවතත් දිවැසිවර හග්ගයිට කතා කළ සේක.
11
සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ ප්රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න.
12
යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.
13
නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.
14
එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
15
“නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය.
16
කිලෝග්‍රෑම් දෙසියයක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නුඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් සියයක් පමණ ය. මිදියුස ලීටර් දෙසියයක් තටාකයකින් ඇදගන්න පිණිස ගිය විට ලැබුණේ සියයක් පමණ ය.
17
නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
18
නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න.
19
අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.”
20
එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක:
21
“ජුදාහි ආණ්ඩුකාරයා වන සෙරුබ්බාබෙල්ට මෙසේ කියන්න, ‘මම අහසත් පොළොවත් සොලවන්න යන්නෙමි.
22
රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’
23
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේ දී මාගේ සේවක ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, මම නුඹ මාගේ පේරැස් මුද්ද මෙන් කරන්නෙමි. මා තෝරාගත් තැනැත්තා නුඹ ය. මෙසේ වදාරන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.”
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
All chapters:
1
2