bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hosea 4
Hosea 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
1
ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. “විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත.
2
බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.
3
එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.
4
“සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය.
5
නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.
6
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
7
“පූජකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඔව්හු වැඩි වැඩියෙන් මට විරුද්ධ ව පව් කළහ. එබැවින් මම ඔවුන්ගේ කීර්තිය අපකීර්තියට හරවන්නෙමි.
8
ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍ය වෙති. ඔවුන් වඩ වඩා පව් කරනවාටත් ඔව්හු ආශා වෙති.
9
එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි.
10
කොපමණ කෑවත් ඔව්හු තෘප්තියට නොපැමිණෙති. වේශ්‍යාකම් කළත් ඔව්හු දරුපල නොලබති. එසේ වන්නේ ඔවුන් අන් දෙවිවරුන් අනුව යන පිණිස මා කෙරෙන් හැරී ගොස් ඇති බැවිනි.
11
“කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි.
12
මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.
13
ඔව්හු කඳු මුදුන්වල යාග කරති; හෙල් උඩ ඇති ආලෝන, ලිබීනා, ඒලා යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම් ඔප්පු කරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති. භාර්යාවෝ කාමමිථ්‍යාචාරයේ යෙදෙති.
14
නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.
15
“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.
16
ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද?
17
එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ.
18
ඔව්හු සුරාසොඩුන් සමඟ විකාර කරති; කාමමිථ්‍යාචාරයෙහි ම යෙදී සිටිති; ආත්ම ගෞරවයට වඩා නින්දිතකමට ඇළුම් වෙති.
19
මාරුතය එහි පියාපත්වලින් ඔවුන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ පූජාවලින් ඔව්හු ලජ්ජාවට පත්වන්නෝ ය.”
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14