bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hosea 7
Hosea 7
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 8 →
1
ඉශ්රායෙල් සෙනඟට සෞභාග්‍යයත්, සුවයත් ආපසු දෙන්න මා බලන හැම විට ම මට පෙනෙන්නේ එප්‍රායිම්ගේ අයුතුකම් හා සමාරියේ දුෂ්ටකම් ය. ඔව්හු වංචාකම් කරති; සොරුන් මෙන් ගෙවල් බිඳ සොරකම් කරති; එයින් පිට මංකොල්ල කති.
2
ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන් සැඟවෙන්න බැරි ය.”
3
“සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති.
4
ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.
5
රජුගේ උත්සව දිනයේ දී සිය අධිපතීන් මත්පැන් බී වෙරි වූ විට, රජ ද ඒ කුහකයන් සමඟ එක් වෙයි.
6
ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන් උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.
7
“ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.”
8
“එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති.
9
විදේශිකයෝ ඔවුන්ගේ ශක්තිය කාදමති. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. ඔවුන්ගේ හිසකෙස් අතරින්පතර පැසී ඇති බවත් ඔව්හු නොදනිති.
10
ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය.
11
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.
12
ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.
13
“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.
14
ඔවුන් අවංක සිතින් මට යාච්ඤා කර නැත. ඒ වෙනුවට ඔව්හු බිය වැදී කෑමොරගසති. ධාන්‍ය ද මිදියුස ද ඉල්ලන විට, ඔව්හු ඇනකොටාගනිමින් මට විරුද්ධ ව කැරලිගසති.
15
ඔවුන්ට සවිශක්තිය දෙමින් ඔවුන් ඇතිදැඩි කෙළේ මම ය. එහෙත්, ඔව්හු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරති.
16
ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන් විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14