bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Isaiah 14
Isaiah 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 15 →
1
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය.
2
සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.
3
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
4
උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.
5
සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.
6
මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.
7
මුළු පොළොව නිස්කලංක ව, නිශ්චල ව ඇත. මනුෂ්‍යයෝ ප්‍රීතියෙන් ගී ගයති.
8
ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.
9
බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.
10
ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.
11
වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.
12
“දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!
13
ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.
14
වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි.
15
අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි!
16
එහි සිටින අය ඔබ දෙස රවා බලා, ‘පොළොව කම්පා කොට රාජ්‍යයන් බියෙන් ඇලළී යන්න සැලැස්සූ බලවතා ඔබ ද?
17
නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.
18
ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;
19
එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.
20
ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!
21
ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”
22
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියට පහර දී එය විනාශ කරන්නෙමි. බබිලෝනිය යන නාම මාත්‍රය ද එහි ඉතිරි ව සිටින අය සහ දරු මුණුබුරන් ද මම නැත්තට ම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
23
මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
24
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.
25
මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.
26
මුළු පොළොව පිළිබඳ මාගේ තීරණය මෙය වේ. ජාතීන්ට දඬුවම් කරන පිණිස මම මාගේ අත ඔසවාගෙන යමි.”
27
සව් බලැති සමිඳුන් මෙසේ කිරීමට අධිෂ්ඨාන කර ඇත. එය නිෂ්ප්රභා කරන්නේ කවරෙක් ද? දඬුවම් කිරීමට එතුමන් ස්වකීය හස්තය ඔසවා ඇත. එය නැවැත්විය හැක්කේ කාට ද?
28
ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:
29
“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.
30
සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට, ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක. එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.
31
පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.
32
පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66