bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Isaiah 3
Isaiah 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 4 →
1
සමිඳාණෝ එනම්, සව් බලැති සමිඳාණෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනඟගේ පිහිටාධාරය වන සියලු දේ ඔවුන්ගේ ආහාර පාන ද ඉවත් කරන සේක.
2
වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද
3
හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන් ද මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්රකරුවන් ද එතුමාණෝ පහකරන සේක.
4
සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.
5
සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.
6
එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.
7
එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය. කෑම වත්, ඇඳුම් වත් මට නැත; ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැ”යි කියනු ඇත.
8
සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
9
ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.
10
ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය; ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.
11
එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.
12
මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.
13
කරුණු ප්‍රකාශ කරන්නත්, ජාතීන් විනිශ්චය කරන්නත් සමිඳාණෝ අසුන් අරා සිටින සේක.
14
සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.
15
මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”
16
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බර ද කියා බලන්න. ඔව්හු අහංකාරකමින් හිස ඔසවාගෙන, නුවන’ඟ බැලුම් හෙළමින්, පා සළඹ හඬ නංවමින් ඇවිදිති.
17
මම ඔවුන්ගේ හිස මුඩුකර, ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”
18
සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන්, ඔවුන්ගේ උඩඟුකමට හේතු වන දේවල් එනම්, පාදවලත්, බෙල්ලේත්, හිසේත් පළඳින ආභරණ ද;
19
අත් වළලු ද මුවවස්නා ද;
20
මකුට ද පාදදාම ද ඉඟපටි ද සුවඳ හෙප්පු ද සුර ද;
21
මුදු ද නාසාභරණ ද;
22
මංගල වස්ත්‍ර ද සළු ද උතුරු සළු ද පසුම්බි ද;
23
අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.
24
එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
25
නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.
26
නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66