bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Luke 18
Luke 18
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 19 →
1
තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
2
“එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය.
3
එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ’යි කීවා ය.
4
ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙසේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්,
5
මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.”
6
තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, “මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න.
7
දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?
8
උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක.
9
තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක.
10
“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි.
11
පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි.
12
සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය.
13
එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය.
14
මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”
15
සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ.
16
එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේ ය.
17
ඇත්තෙන් ම මම ඔබට කියමි, යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් නොපිළිගන්නේ ද, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි වදාළ සේක.
18
එවිට එක් ප්‍රධානියෙක් උන් වහන්සේට කතා කොට, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය.
19
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.
20
කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න යන ආඥා ඔබ දන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
21
“මේ සියල්ලක් ම මාගේ යොවුන් වියේ පටන් රක්ෂා කෙළෙමි”යි ඔහු කී ය.
22
ජේසුස් වහන්සේ ඒ අසා, “ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.
23
එහෙත් ඔහු ඒ කීම අසා අතිශයින් ශෝක විය; එසේ වූයේ ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි.
24
ජේසුස් වහන්සේ ඒ දැක, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කර ද!
25
ධනවතෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.
26
ඒ ඇසූ අය, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,
27
“මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.
28
එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය.
29
උන් වහන්සේ කතා කරමින්, “ඇත්තෙන් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගේදොර හෝ භාර්යාව හෝ සොහොයුරන් හෝ දෙමව්පියන් හෝ දූදරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද,
30
මේ යුගයේ දී ම ඊට බොහෝ වැඩියෙන් ද එන යුගයේ දී සදාතන ජීවනය ද ලබන්නේ ම ය”යි වදාළ සේක.
31
උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන්ට කතා කරමින්, “මෙන්න, දැන් අපි ජෙරුසලමට යම්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන දිවැසිවරයන් විසින් ලියා ඇති සියල්ල ඉෂ්ට වන්නේ ම ය.
32
කුමක්නිසා ද උන් වහන්සේ විජාතීන්ට පාවා දෙනු ලබන සේක. ඔව්හු උන් වහන්සේට සරදම් කර, අපහාස කර, කෙළ ගසන්නාහ.
33
ඔව්හු උන් වහන්සේ කසවලින් තළා මරන්නෝ ය. එහෙත් තුන්වනදා නැවත උත්ථාන වන සේකැ”යි වදාළ සේක.
34
මේ දේවලින් කිසිවක් ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේ පැවසූ දෙය නොවැටහෙන සේ එය ඔවුන් කෙරෙන් සැඟවී තිබිණි.
35
ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය.
36
ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.
37
එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ.
38
ඔහු ද, “ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය.
39
ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.
40
ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල,
41
“මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,
42
“පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
43
එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24