bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Luke 3
Luke 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි,
2
දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය.
3
තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය.
4
එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙසේ ලියා ඇත: “සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.
5
සියලු කඳුරැළි පුරවනු ලැබේ;
6
සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”
7
එකල ඔහු තමාගෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්ට ආ ජනතාවට කතා කොට, “එම්බා පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යන්න නුඹලාට අවවාද කෙළේ කවරෙක් ද?
8
එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි.
9
තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය.
10
එවිට ජනකාය, “එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.
11
ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.
12
අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, “ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.
13
“නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
14
හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
15
“මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ”යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,
16
ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, “මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.
17
කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය”යි කී ය.
18
මෙසේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය.
19
එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.
20
ඒ නිසා හෙරොද් ඔහු හිරගෙට යැවී ය. එසේ කිරීමෙන් ඔහු අනිත් සියල්ලටත් වඩා දරුණු දුෂ්ටකමක් කෙළේ ය.
21
තවද මුළු සෙනඟ බව්තීස්ම-ස්නාපනය ලැබූ විට, ජේසුස් වහන්සේත් බව්තීස්ම-ස්නාපනය ලබා යාච්ඤා කරමින් සිටිය දී ස්වර්ගය විවර වී,
22
ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි.
23
ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය,
24
ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු ජන්නයිගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය,
25
ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය,
26
ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝදාගේ පුත්‍රයා ය,
27
ඔහු ජොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරයිගේ පුත්‍රයා ය,
28
ඔහු මෙල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,
29
ඔහු ජෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එළියේශර්ගේ පුත්‍රයා ය, ඔහු ජෝරයිම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය,
30
ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්‍රයා ය,
31
ඔහු මෙලියාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,
32
ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,
33
ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය,
34
ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය,
35
ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙව්ගේ පුත්‍රයා ය, ඔහු පලගේගේ පුත්‍රයා ය, ඔහු ඒබර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය, ඔහු කායිනන්ගේ පුත්‍රයා ය.
36
ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය,
37
ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය,
38
ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24