bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Proverbs 22
Proverbs 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 23 →
1
ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.
2
සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.
3
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.
4
යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
5
වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.
6
දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
7
පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
8
අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි. ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.
9
කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
10
අහංකාර මිනිසා දුරින් දුරු කරන්න; එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.
11
සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි; එහෙත් සමිඳුන් කැමැති නිර්මල සිත් ඇති අයට ය.
12
සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක; සත්‍යය රැකීමට කරුණු යොදන සේක.
13
“පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.
14
වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න; සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.
15
ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි. වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.
16
කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති. පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.
17
මාගේ උපදේශයන්ට සවන් දෙන්න; මාගේ අනුශාසනාවන්ට හිත යොමන්න.
18
ඒවා සිතෙහි නිදන් කරගන්න; කතාබහේ දී උපුටා දක්වන්න; එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.
19
ඔබේ විශ්වාසය සමිඳුන් කෙරේ තබන්න; මා අද පවසන මේ ඔවා බස් ඒ සඳහා ය.
20
දැනුම හා නැණවත් උපදෙස් සහිත කියුම් තිහක් මම මෙහි ලියා තබමි.
21
එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.
22
දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න; අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න.
23
මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.
24
වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.
25
එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.
26
උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න; අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.
27
ඇපය ගෙවීමට ඔබට නොහැකි වූවොත් ඔවුන් ඔබේ නිදන යහන පවා ගෙන යන්නට බැරි නැත.
28
ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.
29
තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31