bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Proverbs 28
Proverbs 28
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 29 →
1
කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.
2
කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.
3
දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
4
නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති; නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.
5
නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති; සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.
6
වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
7
නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි; දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.
8
වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.
9
දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
10
අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය; එහෙත් සත්පුරුෂයා ආසිරි ලබනු ඇත.
11
ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි; එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.
12
දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති. දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.
13
තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.
14
දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත; මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.
15
දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.
16
නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.
17
මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.
18
අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.
19
වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.
20
විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.
21
තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
22
වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.
23
කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
24
දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.
25
තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.
26
හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි; නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි.
27
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
28
නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31