bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Song of Solomon 1
Song of Solomon 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 2 →
1
සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය. පෙම්වතී
2
ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත. ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය.
3
ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.
4
මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
5
ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
6
අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න. මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ; මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය;
7
මාගේ ප්‍රියාදර සොඳුර, මට මේ දේ කියන්න: ඔබේ බැටළු රැළ කවන්න ගෙනයන්නේ කොතැනට ද? ඉර මුදුන් වේලේ උන් ලග්ගන්නේ කොහේ ද? අන් එඬේරුන්ගේ පට්ටි අතරේ ඔබ සොයන්න මට ඇති උවමනාව කුමක් ද? පෙම්වතා
8
කාන්තාවන්ගෙන් ඉතා රුවැති සොඳුරිය, ඔබ මෙය නොදන්නෙහි නම්, රැළේ අඩි පාරේ ම ගමන් කර එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.
9
මාගේ සුන්දරිය, අශ්ව ධේනුවක පාරාවෝගේ රථවල අශ්වයන් කුල්මත් කරන සේ ඔබ මිනිසුන් කුල්මත් කරන්නෙහි ය.
10
ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.
11
රිදී පබුළු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමි. පෙම්වතී
12
රජ සිය යහනේ සිටිය දී මාගේ සුවඳ විලවුන් විහිදී ගියේ ය.
13
මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.
14
මා පෙම්වතා මට එන්ගෙදියේ මිදි වතුවල වැවුණ වන මල් පියුම් පොකුරක් වැනි ය. පෙම්වතා
15
මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද? ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ! පෙම්වතී
16
මාගේ ප්‍රියය, ඔබ කොතරම් ශෝභන ද! කොතරම් පියකරු ද! අපේ යහන නිල් තණකොළ ය.
17
අපේ ගෙයි බාල්ක කිහිරි ගස් ය; එහි පරාළ දේවදාර ගස් ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8