bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Song of Solomon 3
Song of Solomon 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 4 →
1
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
2
ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.
3
නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.
4
මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි. පෙම්වතා
5
“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.” ගායක පිරිස
6
ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?
7
බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
8
ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.
9
සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.
10
එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී. එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත.
11
සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8