bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Thessalonians 2
1 Thessalonians 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
1
සහෝදරයිනි, ඔබ වෙත අපගේ පැමිණීම නිෂ්ඵල නො වූ වග ඔබ දන්නහු ය.
2
ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.
3
මන්ද අපෙන් ඔබට කරන අයැදුම මුළාවෙන්, අපවිත්‍ර අදහසින් පැන නගින්නක් නො වේ. ඔබ රවටන්නට අප වැර දරනවා නො වේ.
4
අප ඔබට කතා කරන්නේ ශුභාරංචිය බාර දීමට සුදුස්සන් යයි දෙවියන්වහන්සේගේ අනුමැතිය ලද්දවුන් වශයෙනි; එසේ කරන්නේ මිනිසුන් සතුටු කිරීමට නො ව අප හදවත් පිරික්සන දෙවියන්වහන්සේ ප්‍රසන්න කිරීමට ය.
5
අප කිසි විටෙක චාටු බස් නො දෙඩූ වග ඔබ දන්නහු ය. තණ්හාව වසාගැනීමේ උපායක් ද අප නො කළ බවට අපේ සාක්ෂිය දෙවියන්වහන්සේම ය.
6
මිනිසුන් වෙතින් අප ගරු පැසසුම් සෙව්වේ නැත; ඔබ වෙතින්වත්, අන් කෙනෙකුගෙන්වත් එසේ සෙව්වේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරුන් වශයෙන් ඔබට බරක් වීමට අපට හැකියාව තිබුණ ද,
7
ඔබ ගැන අප කටයුතු කළේ මෘදු අන්දමිනි. ඒ, කිරිමවක ඇගේම දරුවන් සෙනෙහසින් රැක බලාගන්නා සේ ය.
8
කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.
9
සහෝදරයිනි, අප වෙහෙසුණු හැටිත්, අපහසුතා විඳි හැටිත් ඔබට මතක ඇති. දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට දේශනා කරන අතරේ අපේ යැපීම් සඳහා කිසිවකුටත් බරක් නො වන ලෙස දිවා රෑ අපි වැඩ කළෙමු.
10
ඇදහිලිවතුන් වූ ඔබ අතරේදී අප කොතෙක් ශුද්ධව, දැහැමිව හා නිදොස්ව හැසුරුණාදැයි යන්නට අපගේ සාක්ෂිය ඔබත්, දෙවියන්වහන්සේත් ය.
11
මන්ද ඔබ දන්නා පරිදි ඔබ එකිනෙකාට අප සැලකුවේ පියකු තමන්ගේම දරුවනට සලකන අයුරිනි.
12
එසේ කළේ තමන්වහන්සේගේ රාජ්‍යටත්, තේජසටත් ඔබ කැඳවාගත් දෙවියන්වහන්සේට ඔබින පරිදි දිවි ගෙවන ලෙස ඔබට අවවාද කරමිනි; දිරි ගන්වමිනි; අණ කරමිනි.
13
අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.
14
සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.
15
ඒ යුදෙව්වෝ යේසුස් ස්වාමින්වහන්සේත්, දිවැසිවරුනුත් මරා දමා, අපත් පලවා හළහ. ඔවුහු දෙවියන්වහන්සේ අමනාප කරවමින්, සියලු මිනිසුනට ද සතුරුව ඇත්තේ,
16
අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත.
17
සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතුව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක්ම දැරීමු.
18
ඔබ වෙත ඒමට අපට වුවමනා විණි. මම පාවුල්, ඔබ වෙත ඒමට යළි යළිත් උත්සාහ දැරීමි. එහෙත්, සාතන් අප වැළැක් වීය.
19
කෙසේ වෙතත්, යේසුස් අප ස්වාමින්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේ ඉදිරියේ අපගේ බලාපොරොත්තුව, අපගේ ප්‍රීතිය, අපගේ පාරට්ටුවේ කිරීටය කුමක් ද? ඔබම නො වේ ද?
20
සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබම ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
All chapters:
1
2
3
4
5