bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Thessalonians 5
1 Thessalonians 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ.
2
මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරෙකු මෙන් අනපේක්ෂිතව පැමිණෙන බැව් ඔබ හොඳ හැටි දන්නා නිසා ය.
3
දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.
4
එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරෙකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ.
5
ඔබ හැමදෙනා ආලෝකයේ පුත්‍රයෝ ය; දහවලේ පුත්‍රයෝ ය. රාත්රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත.
6
එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වගබලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.
7
නිදන්නන් නින්දට පත් වන්නේ රැයේ ය. මත්පැන් බොන්නන් මත් වන්නේ ද රැයේ ය.
8
එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.
9
මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර-නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය.
10
අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක්ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක.
11
එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.
12
සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු.
13
ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතුව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න.
14
සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරි ගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමු.
15
කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.
16
හැම විට ප්‍රීතියෙන් සිටින්න;
17
නොකඩව යාච්ඤාවේ යෙදෙන්න.
18
සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.
19
ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න.
20
දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න.
21
ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න.
22
හැම අයුරක නපුරෙන් වළකින්න.
23
සාමයේ දෙවියන්වහන්සේම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිතව තබනු ලැබේවා!
24
ඔබ කැඳවන තැනැන්වහන්සේ විශ්වාසනීය ය. උන්වහන්සේ එය ඉටු කරන සේක.
25
සහෝදරයිනි, අප උදෙසා යාච්ඤා කරන්න.
26
සියලු සහෝදරයින්ට ශුද්ධ සිපාචාරයකින් සමාචාර කරන්න.
27
මෙම ලිපිය සියලු සහෝදරයින්ට කියවන්නට සලස්වන මෙන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මම ඔබට නියෝග කරමි.
28
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5