bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Timothy 2
2 Timothy 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්රහයේ ශක්තිමත් වන්න.
2
බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මා පවසනු ඔබ අසා ඇති දෑ, අන් අයට ද ඉගැන්වීමට සමත් විශ්වාසී මනුෂ්‍යයින් අතට පත් කරන්න.
3
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න.
4
තමා බඳවාගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.
5
තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත.
6
අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියාම ය.
7
මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැනම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත.
8
මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවාවූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවාවූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මාගේ ශුභාරංචිය මෙයයි.
9
අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත.
10
එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.
11
මෙය විශ්වාසනීය කියමනකි: උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ජීවත්වනු ද ඇත.
12
අපි ඉවසන්නෙමු නම්, උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.
13
අප අවිශ්වාසවන්ත වුව ද, උන්වහන්සේ විශ්වාසවන්තවම සිටින සේක. මන්ද තමන්වම ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේට නො හැකි ය.
14
මේ දෑ ඔවුන්ට මතක් කරන්න. වචන ගැන කලහ නො කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුනට අණ කරන්න; එයින් කිසි හොඳක් සිදු නො වේ, අසා සිටින්නවුන් විනාශ වෙනවා පමණකි.
15
සත්‍යතාවේ වචනය නිවැරදිව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.
16
අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි.
17
ඔවුන්ගේ කතා ඔඩු දුවන තුවාල මෙන් පැතිර යයි. ඔවුන් අතරින් හිමේනියස් හා පිලේතස්
18
සත්‍යයෙන් බැහැරව මං මුළාව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති.
19
එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක” සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක්ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.
20
මහ මන්දිරයක රන් හා රිදී බඩු පමණක් නො ව ලී හා මැටි බඳුන් ද තිබේ. ඇතැම් ඒවා ගරු අරමුණු සඳහා ය. ඇතැම් ඒවා නිගරු කටයුතු සඳහා ය.
21
යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කරගනී නම්, ඔහු ශුද්ධකමට පමුණුවන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත්වූත්, හැම හොඳ වැඩකටම සුදානම්වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.
22
තාරුණ්‍යයේ ආශා වෙතින් පලායමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න.
23
මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී.
24
ස්වාමින්වහන්සේගේ සේවකයා දබර නො කළ යුතු ය. ඔහු හැමට කාරුණික, ඉගැන්වීමට සමත්, නපුරුකම් ඉවසන,
25
විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මඟ පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.
26
තවද, ඔවුන් හරි කල්පනාවට පැමිණ, ඔවුන් ලවා තම කැමැත්ත කර ගැනීමට ඔවුන් අල්ලා ගනු ලැබූ යක්ෂයාගේ උගුලෙන් බේරී පලා එන්නට ඔවුන්ට හැකි වනු ඇත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4