bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Timothy 3
2 Timothy 3
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
එහෙත් මෙය සිතට ගන්න; අවසාන දවස්හි අමාරු කාල පැමිණෙනු ඇත.
2
තමන්ටම ප්‍රේම කරන්නන්ව, මුදලට ප්‍රේම කරන්නන්ව, අහංකාරීන්ව, උඩඟුවූවන්ව, අවලාද නගන්නන්ව, තම මාපියනට අකීකරුවන්නන්ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන්ව,
3
හිතක්-පපුවක් නැත්තන්ව, සෑහීමට නො පැමිණෙන්නන්ව, අපවාද නගන්නන්ව, අසංවරව, කෘරයින්ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන්ව,
4
ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,
5
පිටස්තරින් දේව භක්තික ස්වරූපය ඇතත් එහි බලය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටින ජනයාගෙන් ඈත් වන්න.
6
ඔවුන්ගෙන් ඇතැම්හු, අනුන්ගේ ගෙවලට රිංගා, ළාමක ස්ත්‍රීන් වන පව් බරින් මිරිකී, නොයෙකුත් තෘෂ්ණාවන්ට වසඟව සිටින,
7
හැම විටම ඉගෙන ගන්නා නමුත්, කිසි විටෙක සත්‍ය දැනගැන්මට නො එන ස්ත්‍රීන් අල්ලා ගන්නෝ වෙති.
8
යන්නෙස් හා යම්බ්‍රෙස් මෝසෙස්ට එරෙහිව වූ ලෙස මොවුහු ද සත්‍යයට එරෙහිවූ, දූෂිත මනසින් යුත්, ඇදහීම සම්බන්ධයෙන් නුසුදුස්සන් වූහ.
9
එහෙත් මොවුන් වැඩිදුර යන්නේ නැත. මන්ද පෙර කී මිනිසුන් දෙදෙනාට වූ ලෙසම මොවුන්ගේ අඥානකම හැමටම පැහැදිලි වනු ඇත.
10
කෙසේ වෙතත් ඔබ, මා ගැන දනී; එනම්, මගේ ඉගැන්වීම, මගේ කල් ක්‍රියාව, මගේ ජීවන අරමුණු, මගේ ඇදහිල්ල, මගේ ඉවසීම, මගේ ප්‍රේමය හා මගේ ස්ථිරත්වය ද
11
මා විඳ දරාගත් වධ විඳීම්, එනම් අන්තියෝකියේදී, ඉකෝනියෙහි දී හා ලුස්ත්‍රාවෙහිදී මට සිදු වූ මා විඳ දැරූ වධ හා වේදනා ද යන දෑ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඒ සියල්ලෙන් මා මිදූ සේක.
12
ඇත්තෙන්ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුටම පීඩා ලැබේ.
13
ඒ අතර දුෂ්ටයින් හා වංචනිකයින් රවටමින් ද රැවටෙමින් ද සිටියාටත් වඩා නරකින් නරකට පත් වේ.
14
එහෙත් ඔබ, ඔබ උගත් දෑ හා ඔබ අචලව විශ්වාස කළ දෑ දිගටම පවත්වන්න. ඔබ ඒවා උගත්තේ කවුරුන්ගෙන් ද යන්නත්,
15
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන්ම දැන උගත් අයුරුත් ඔබ දනී.
16
ශුද්ධ ලියවිලි සියල්ල දෙවියන්වහන්සේගේ ආනුභාව ලද බැවින් ඉගැන්වීමටත්, තරවටුවටත්, නිවැරදි කිරීමටත්, ධර්මිෂ්ඨකමේ පුහුණුවටත් ප්‍රයෝජනවත් ය.
17
ඒ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හැම හොඳ වැඩකටම පුහුණුව හා සන්නද්ධව සිටිනු පිණිස ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4