bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Ephesians 5
Ephesians 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 6 →
1
එබැවින් අති ප්‍රේමණීය දරුවන් සේ දෙවියන්වහන්සේ අනුකරණ කරන්නන් වන්න.
2
දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.
3
ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.
4
තවද අසභ්‍ය, අමන කතා හෝ අශ්ලීල කවටකම් ද ඔබ අතරේ නො විය යුතු ය. ඒවා සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීම් පවසන්න.
5
මේ වග නිසැකව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත.
6
පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරුවන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ.
7
එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න.
8
වරක් ඔබ අන්ධකාරයව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්,
9
(ආලෝකයේ පලවලට හැම අයුරකම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.)
10
ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න.
11
අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න.
12
මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය.
13
එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක්ම පෙනෙන්නට වෙයි.
14
මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක්ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”
15
එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්,
16
හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය.
17
එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න.
18
මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.
19
කාව්‍යයෙන් ද ගීතිකාවලින් ද ආත්මික ගීයෙන් ද එකිනෙකා අමතන්න. ඔබේ හදවතින් ස්වාමින්වහන්සේට සංගීත නගමින්, ගී ගයන්න.
20
හැම දෙයක් ගැන, හැම විට යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් පියාණන් වූ දෙවියන්වහන්සේට තුති පුදන්න.
21
ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති ගෞරවයෙන් එකිනෙකාට යටත් වන්න.
22
භාර්යාවනි, ස්වාමින්වහන්සේට යටත් වන සේ ඔබේ පුරුෂයනට යටත් වන්න.
23
මන්ද ස්වකීය ශරීරය වූ සභාවේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස්වහන්සේ එහි හිස වන්නා සේ ම, පුරුෂයා භාර්යාවගේ හිස ය.
24
මෙසේ සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත් වන්නා සේ, භාර්යාවන් ද හැම කරුණකදී තම පුරුෂයනට යටත් විය යුතු ය.
25
පුරුෂයිනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, ඇය උදෙසා තමන්ම පූජා වූ සේ ඔබත්, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න.
26
උන්වහන්සේ එසේ කළේ, වචනය මඟින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්,
27
පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක්ව තමන්ටම ඇය පිළිගන්වා ගැනීමටත් ය.
28
එලෙස පුරුෂයන්, තම සිරුරට ප්‍රේම කරන්නා සේ තම භාර්යාවනට ප්‍රේම කළ යුතු ය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරයි.
29
කිසිවෙක් කිසි කලෙක තම සිරුරට ද්වේෂ කර නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාවට කරන්නා සේ ඔහු කරන්නේ එය පෝෂ්‍ය කිරීමයි; රැක බලා ගැනීමයි.
30
මන්ද උන්වහන්සේගේ සිරුරේ අවයව අප ය.
31
මෙනිසා “පුරුෂයෙක් තම පියා හා මව අතැර තම භාර්යාවට බැඳෙයි. ඔවුහු එක මාංසයක් වෙති.”
32
මෙය ගැඹුරු අබිරහසකි. එහෙත් මෙහිදී මා කතා කරන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හා සභාව ගැනයි.
33
කෙසේ වුව ඔබ හැම කෙනෙක්ම තම භාර්යාවට ප්‍රේම කළ යුත්තේ, තමාටම ප්‍රේම කරන පරිද්දෙනි. භාර්යාව තම පුරුෂයාට ගරු සැලකිලි දැක්විය යුතු ය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6