bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Ephesians 6
Ephesians 6
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
1
දරුවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබේ දෙමාපියනට කීකරු වන්න; හරි දේ එයයි.
2
“ඔබේ පියාටත්, මවටත් ගෞරව කරන්න” යන්න පොරොන්දුවක් රැගත් පළමු ආඥාවයි.
3
“එයින් ඔබට සෙත සැලසේ; මිහි පිට දිගු කල් ජීවත් වන්නට ලැබේ.”
4
පියවරුනි, ඔබේ දරුවන් කුපිත නො කරන්න. ඒ වෙනුවට ස්වාමින්වහන්සේ අනුමත විනයෙන් හා උපදෙසින් ඔවුන් හැඩගස්වන්න.
5
දාසයිනි, ක්‍රිස්තුස්වහන්සේට ඔබ කීකරු වන්නා සේ, ගරුත්වයෙන්, බයින් හා අවංක හදින් මෙලොව ඔබේ හාම්පුතුනට කීකරු වන්න.
6
ඔවුන් ඔබ දෙස බලා සිටියදී ඔවුන්ගේ ප්‍රසාදය දිනන පිණිස නො ව, ඔබේ හදවතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයින් ලෙස ඔවුනට කීකරු වන්න.
7
මිනිසුන්ට නො ව, ස්වාමින්වහන්සේට කරන සේවයක් සේ, ඔබේ මුළු හදින්ම මෙහෙ කරන්න.
8
දාසයකු හෝ නිවහල් කෙනකු හෝ යන කවරකු වුවත් කරන හැම හොඳ වැඩකටම, ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන බව ඔබ දනී.
9
හාම්පුතුනි, ඔබත්, ඔබේ දාස දාසීනට එපරිද්දෙන් සලකන්න. ඔවුන්ට තර්ජනය නො කරන්න. මන්ද, ඔවුන්ගේ ද ඔබගේ ද ස්වාමියාණන් ස්වර්ගයේ සිටින බැව් ඔබ දනී. උන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නො තකන සේක.
10
අවසන් වශයෙන්, ස්වාමින්වහන්සේ තුළ ද උන්වහන්සේගේ පරාක්‍රමවත් බලයෙහි ද බලවත් වන්න.
11
යක්ෂයාගේ උපාය මාර්ගවලට එරෙහිව නැගී සිටිනු හැකි වන පිණිස, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
12
මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.
13
එබැවින්, නපුරු දවස පැමිණි කල, ඊට විරුද්ධව, ඔබගේ තැන පිහිටා සිටිනු හැකි වනු පිණිස, කළ හැකි සියල්ල කළ පසු නො සැලී සිටගත හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
14
එබැවින්, සත්‍යයේ ඉඟ පටිය ඉඟ බැඳ, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැලඳ,
15
සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවරව සිටගන්න.
16
ඒ සියල්ලට අමතරව ඇදහිල්ලේ පලිහ අතට ගන්න. නපුරාගේ සියලු ගිනිමය හී නිවා, මැඩලන්නට ඉන් ඔබට හැකි වෙයි.
17
ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න.
18
තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.
19
මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීතව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න.
20
මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීතව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.
21
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසවන්ත දේව-සේවක අප ප්‍රේමණීය සොයුරු තුකිකස් සියලු තොරතුරු ඔබට පවසනු ඇත. එවිට මාගේ තතු කෙසේ ද, මා කරන්නේ කවරේ ද යන්න ගැන ඔබටත් දැනගත හැකි වනු ඇත.
22
මා ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන තොරතුරු ඔබට දැන ගන්නටත්, ඔහු මඟින් ඔබ ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ය.
23
පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද සාමයත්, ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයින්ට අත් වේවා!
24
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
All chapters:
1
2
3
4
5
6