bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Exodus 2
Exodus 2
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 3 →
1
එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය.
2
ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය.
3
ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.
4
තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය.
5
එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන,
6
ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, “මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය.
7
එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, “ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්න දැ”යි විචාළා ය.
8
පාරාවෝගේ දියණිය ඈට, “යන්නැ”යි කීවෙන්, ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය.
9
එවිට කුමරිය ඈ අමතා, “මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි”යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය.
10
දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.
11
එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කළ බර වැඩ දිටී ය. තවද, ඔහු තමාගේ ම හෙබ්‍රෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටී ය.
12
එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය.
13
පසු දින ඔහු නික්ම යන විට හෙබ්‍රෙව් ජාතික දෙදෙනෙකු ගහගනිමින් සිටිනු දිටී ය. වැරැද්ද කළ තැනැත්තාට ඔහු කතා කොට, “ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාළේ ය.
14
ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය.
15
එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
16
මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.
17
එහෙත්, එඬේරු පැමිණ ඔවුන් පන්නාදැමූ හ. එවිට මෝසෙස් නැඟිට, ඔවුන්ට ආධාර කරමින් බැටළුවන්ට වතුර පෙවී ය.
18
තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.
19
ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.
20
එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.
21
මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය.
22
ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.
23
බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.
24
දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.
25
උන් වහන්සේ ඉශ්රායෙල් ජනයාගේ දුක බලා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40