bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Exodus 39
Exodus 39
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 40 →
1
තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.
2
ඔහු රනින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද ඒපොද් නම් සැට්ටය සෑදී ය.
3
ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ.
4
ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී.
5
එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.
6
ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.
7
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඉශ්රායෙල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස, ඔහු ඒවා ඒපොද් නම් සැට්ටයේ උර පටිවල දැමී ය.
8
ඒපොද් සැට්ටය මෙන් ම, ළය වැස්ම ද ගෙත්තම් කොට එහි මල් වැඩ දැමී ය. එය ද රනින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සාදන ලදී.
9
එය චතුරස්රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය.
10
එය මතුපිට මැණික් ගල් පේළි හතරක් බඳිනු ලැබී ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද,
11
දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්රයක් ද,
12
තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද
13
සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.
14
මෙසේ ඉශ්රායෙල් ජනයාගේ නාම අනුව ගල් දොළොසක් තිබිණි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර දොළොසේ නාම එක එක බැගින් තිබිණි.
15
ළය වැස්ම සඳහා තනි රනින් එකට ගෙතූ මාල සාදනු ලැබී ය.
16
ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ.
17
ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය.
18
ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ.
19
තවද, ඔව්හු රන් මුදු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ.
20
ඔව්හු තවත් රන් මුදු දෙකක් සාදා ඒපොද් සැට්ටයට යටින්, දෙපැත්තේ, එහි උර පටි දෙක පිට, සන්ධිය ළඟ ගොතන ලද බඳපටියට උඩින් ඒවා දැමූ හ.
21
තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.
22
ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ.
23
එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය.
24
තවද, ඔව්හු එහි පහළ වාටිය දිගේ ම නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද දෙළුම් ගෙඩි සෑදූ හ.
25
ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ.
26
මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.
27
ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද
28
මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද
29
සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.
30
පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව “සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ.
31
ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඊට නිල් පටියක් බැඳ එයින් එය මකුටයට වෙළූහ.
32
මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.
33
ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුලුණු ද ඒවායේ තවු ද
34
රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද
35
ගිවිසුම් කරඬුව හා එහි පොලු ද කරුණාසනය ද
36
මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් පූප ද
37
තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද
38
රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද
39
ලෝකඩ පූජාසනය ද එහි ලෝකඩ මැස්ස ද එහි පොලු හා එහි සියලු උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද
40
මළුවේ තිර හා කුලුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද
41
ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.
42
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ.
43
මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 40 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40