bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Micah 2
Micah 2
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 3 →
1
සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.
2
ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.
3
ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.
4
ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ ”
5
එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.
6
‘දේශනා නොකරන්න. ඕවා ගැන කිසිත් දේශනා නොකරන්න. අපට කිසි නින්දාවක් නොවන්නේ ය’යි සෙනඟ දේශනා කරති.
7
ජාකොබ්ගේ සෙනඟ සාපයක් යටතේ සිටිත් ද? සමිඳාණන් වහන්සේට ඉවසිල්ලක් නැද් ද? ඇත්තෙන් ම උන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙසේ ද? අවංක අයට උන් වහන්සේ කරුණාවෙන් කතා නොකරන සේක් ද?
8
“එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.
9
නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන්, තමන් ප්‍රිය කරන ගෙවලින් පන්නා දමන්නහු ය. නුඹලා ඔවුන්ගේ බාල දරුවන්ගෙන් මාගේ මහිමය සදහට ම පහකළහු ය.
10
නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.
11
“බොරුවෙන් ද වංචාවෙන් ද පිරුණ, නුඹලාට ‘මුද්‍රික පානයත්, සුරා පානයත් ගලා එනු ඇතැ යි මම දිවැස් දෙසමි’යි කියමින් සිටින යම් මිනිසෙක් වේ නම්, සෙනඟ ප්‍රිය කරන දිවැසිවරයා එවැන්නෙකි.
12
“එම්බා ජාකොබ්ගේ ජනයෙනි! නුඹලා සියලු දෙනා මම එක්රැස් කරන්නෙමි. ඉශ්රායෙල්හි ඉතිරි අය ද මම එක්රැස් කරන්නෙමි. කොටුවක සිටින බැටළුවන් මෙන් ද තණ බිම මැද සතුන් රැළක් මෙන් ද මම නුඹලා එක්රැස් කරන්නෙමි. ඔව්හු කිසිවෙකුට භය නොවන්නෝ ය.
13
“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7