bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Micah 3
Micah 3
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 4 →
1
එවිට මම මෙසේ කීවෙමි: “ජාකොබ්ගේ නායකයෙනි, ඉශ්රායෙල්හි අධිපතියෙනි, සවන් දෙන්න. යුක්තියට ගරු කිරීම නුඹලා දැනගත යුතු නොවේ ද?
2
එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.
3
නුඹලා මාගේ සෙනඟ කා දමන්නහු ය. ඔවුන් හමගසා, ඇටකටු පොඩිකර ඇතිලියක සහ මුට්ටියක දැමීමට මස් මෙන් පෙති ගසන්නහු ය.
4
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.
5
“සමිඳාණන් වහන්සේ දිවැසිවරයන්ට විරුද්ධ ව මෙසේ කියන සේක: ‘බොරු දිවැසිවරයන් සෙනඟ රවටා ඇත. ඔවුන්ට කෑම දෙන අයට ඔව්හු සාමය ගැන කතා කරති; කෑම නොදෙන අයට විරුද්ධ ව යුද්ධයක් ඇති වේ ය’යි ඔව්හු තර්ජනය කරති.
6
නුඹලා සෙනඟ රැවටූ නිසා, නුඹලාට මින්පසු දර්ශන නැති රාත්රියක් එනු ඇත. අනාවැකි කීමක් නැති අන්ධකාරයක් වනු ඇත. නුඹලා කෙරෙහි ඉර බැස යනු ඇත. දාවල් කාලය කළුවර වනු ඇත.
7
බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.
8
“එහෙත් ජාකොබ්ගේ සෙනඟට ඔවුන්ගේ දුෂ්ටකම ද ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ පාපය ද පෙන්වා දෙන පිණිස සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් ද යුක්තියෙන් ද ධෛර්යයෙන් ද මම පූර්ණ වී සිටිමි.
9
යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.
10
සියොන්, ඔබ ලේවලින් ද ජෙරුසලම අයුක්තියෙන් ද ගොඩනඟා ඇත.
11
එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.
12
“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7