bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Romans 11
Romans 11
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
එසේ නම් දෙවියන් වහන්සේ සිය සෙනඟ අත් හළ සේක් දැ යි මම ප්‍රශ්න කරමි. කොහෙත් ම නැත. මන්ද, මමත් ආබ්‍රහම්ගේ පෙළපතට ද බෙන්ජමින්ගේ ගෝත්‍රයට ද අයත් ඉශ්රායෙල් ජාතිකයෙක්මි.
2
දෙවියන් වහන්සේ ආදියේ දී තෝරාගත් සිය සෙනඟ අත් නොහළ සේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේ ද?
3
එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි.
4
එහෙත් ඔහුට දෙවියන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද? “බාල් දේවතාවාට දණ නොනැමූ සත් දහසක් මනුෂ්‍යයන් මම ඉතිරි කරගතිමි” යනුයි.
5
එසේ ම දැනුත්, දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත.
6
එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.
7
මෙයින් අපි කුමක් නිගමනය කරමු ද? ඉශ්රායෙල් ජනතාව සෙවූ දේ ඔවුන්ට නොලැබිණි. තෝරාගත් ඉතිරි වූ පිරිසකට එය ලැබිණි. සෙසු අයගේ සිත් දැඩි කරනු ලැබී ය.
8
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.
9
තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.
10
නොපෙනෙන සේ ඔවුන්ගේ ඇස් ඇඳිරි වේ වා, නිතර ම ඔවුන්ගේ පිටකොන්ද බරෙන් නැමුව මැනව”යි කියයි.
11
එසේ වී නම්, ඔවුන් පැකුලුණේ වැටෙන පිණිස දැ යි ප්‍රශ්න කරමි. එසේ නොවේ. ඉශ්රායෙල් ජාතියේ වැටීම හේතුකොටගෙන විජාතීන්ට ගැළවීම පැමිණ තිබේ. එසේ වූයේ ඉශ්රායෙල්වරුන් තුළ උනන්දුව පුබුදුවන පිණිස ය.
12
ඉදින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබ සෙත පිණිස ද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබ සෙත පිණිස ද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නැඟීම කොපමණ වැඩියෙන් සුබ සෙත පිණිස නොවන්නේ ද?
13
දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට අපෝස්තුළුවරයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.
14
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
15
මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද?
16
තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.
17
එහෙත් ඔලීව ගසේ සමහර අතු කපාදමනු ලැබ, වල් ඔලීව ගසක් වන ඔබ ඊට බද්ධ කර, පළමු ඔලීව ගසේ සාරයට හා මුලට මෙසේ යාවුණි නම්,
18
ඒ අතු ගැන පාරට්ටු නොකරන්න. ඔබ එසේ සිතන්නහු නම්, ඔබ මුල උසුලනවා නොව, මුල ඔබ උසුලන බව සිතට ගන්න.
19
එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය.
20
එය සැබෑ ම ය. ඒවා කපනු ලැබුවේ අවිශ්වාසය නිසා ය. එහෙත් ඔබ ස්ථීර ව සිටින්නේ විශ්වාසය නිසා ය. ඒ නිසා අහංකාර නොවී දේව ගරුබිය ඇති ව සිටින්න.
21
මන්ද, දෙවියන් වහන්සේ මුල් ගසේ අතු වෙන් කළ සේක් නම්, ඔබ ද ඉවත් කරන සේක.
22
එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.
23
අවිශ්වාසයෙහි නොපැවතුණොත් ජුදෙව්වරුන් ද බද්ධ කරනු ඇත. ඔවුන් නැවත බද්ධ කිරීමට දෙවියන් වහන්සේට පුළුවන.
24
මන්ද, විජාතීන් වන ඔබ ස්වභාවයෙන් ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධ ව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතු වන ජුදෙව්වරුන් ඔවුන්ගේ ම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේ ද?
25
සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.
26
ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.
27
ඔවුන්ගේ පාප දුර ලන කල, ඔවුන් සමඟ මම මේ ගිවිසුම කරගතිමි”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.
28
ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ.
29
දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක.
30
විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.
31
එසේ ම, ඔවුන් දැන් අකීකරු ව සිටින්නේ, ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිස ය.
32
මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.
33
දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
34
“සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද?
35
උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?”
36
මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16