bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Romans 2
Romans 2
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 3 →
1
එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය.
2
එවැනි දේ කරන්නන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු.
3
ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?
4
නැත්නම්, දෙවියන් වහන්සේගේ මහා කරුණාව, ශාන්තිය හා ඉවසීම සුළු කොට ඔබ සිතන්නෙහි ද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ පසුතැවී සිත් හරවා ගැනීමකට ඔබ පැමිණවීම බව දන්නේ නැද් ද?
5
එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?
6
ඒ දවසේ දී උන් වහන්සේ හැම මිනිසෙකුට ම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත.
7
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.
8
ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.
9
ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය.
10
යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.
11
දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක.
12
මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති.
13
දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි.
14
මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.
15
ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.
17
ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.
18
ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.
19
ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද
20
නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය.
21
ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?
22
“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?
23
ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද?
24
එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”
25
ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙතින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.
26
චර්මඡේදනය නොලත් කෙනෙක් ව්‍යවස්ථාවෙහි නියෝග පිළිපදිත් නම් ඔහු චර්මඡේදනය නොලැබුවත් එය ලත් කෙනෙකු මෙන් සලකනු නොලැබේ ද?
27
ශාරීරික වශයෙන් චර්මඡේදනය නොලැබූව ද, ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා විසින්, ලියවිල්ලත් චර්මඡේදනයත් ඇතිව ව්‍යවස්ථාව කඩ කරන ඔබ විනිශ්චය කරනු ලබන්නේ ය.
28
පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මඡේදනය ද බාහිර ශාරීරික කරුණක් නොවේ.
29
සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මඡේදනය ද වනාහි සිතේ පවතින දෙයකි; එය නීතිගත දෙයක් නොව, ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව, දෙවියන් වහන්සේගෙන් ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16