bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Zechariah 5
Zechariah 5
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 6 →
1
මම නැවත බැලූ විට පියාඹන පොතක් දිටිමි.
2
“නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, “මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පොතක් මට පෙනේ ය”යි මම කීමි.
3
එවිට ඔහු මෙසේ කීවේ ය: “මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත.
4
සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”
5
දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.
6
“එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.
7
ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්රියක් වාඩි වී සිටියා ය.
8
“මේ ස්ත්රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය.
9
මම හිස ඔසවා බැලූ විට ස්ත්රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පොළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය.
10
“ඔවුන් එය කොහේ ගෙන යනවා දැ”යි මට කතා කළ දූතයාගෙන් මම ඇසීමි.
11
“ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14