bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Zechariah 8
Zechariah 8
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
1
සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය.
2
සියලු බලැති සමිඳාණන් වහන්සේ පැවසූ පණිවුඩය මෙසේ ය: “සියොන් වැසියන් උදෙසා මම දැවෙන සෙනෙහසකින් ප්‍රේම කරමි. මේ ප්‍රේමය නිසා ඔවුන්ගේ සතුරන් කෙරෙහි මම උදහස් වීමි.
3
ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.
4
වයෝවෘද්ධ වූ බැවින් සැරයටි වාරුවෙන් ඇවිදින මහල්ලෝ ද මැහැල්ලෝ ද ජෙරුසලමේ වීථිවල වාඩි වන්නෝ ය.
5
නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.
6
“මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක.
7
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
8
ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න.
10
ඊට පෙර දවස්වල දී මිනිසුන් හෝ ගවයන් හෝ කුලියට ලබාගැනීමට කිසිවෙකුට වත්කමක් නො වී ය. සතුරු උවදුරුවලට ගොදුරු නොවී ගමන්බිමන් යාමට කිසිවෙකුට නොහැකි විය. අසල්වැසියන් එකිනෙකාට විරුද්ධ ව සිටින්න මම සැලැස්වීමි.
11
එහෙත්, මම දැන් මේ රටේ ඉතිරි ව සිටින අයට පෙර මෙන් ක්‍රියා නොකරමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේක.
12
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
13
ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
14
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ මුතුන්මිත්තන් මා උදහස් කළ විට ඔවුන් පිට විපත්තිය පමුණුවන්නට මම සිතට ගතිමි. මාගේ සිත මම වෙනස් නොකෙළෙමි.
15
එහෙත්, දැන් ජෙරුසලමට හා ජුදා වැසියන්ට ආශීර්වාද කරන්න මම සිතට ගෙන සිටිමි. ඒ නිසා බිය නොවන්න.
16
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.
17
එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න. දිවුරුමක් පිට බොරු සාක්ෂි නොකියන්න. මන්ද, මේ සියල්ල මම හෙළා දකිමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
18
සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක.
19
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
20
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය.
21
එක නගරයක සෙනඟ තවත් නගරයක සෙනඟ අමතා, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද, උන් වහන්සේගේ ආසිරි පතන පිණිස අපි යන්නෙමු; අප සමඟ එන්නැ’යි කියනු ඇත.
22
විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය.
23
ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14