bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Zephaniah 1
Zephaniah 1
Sinhala SNRV (New Revised Version 2018)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
ආමොන්ගේ පුත්, ජුදාහි රජ ව සිටි ජොෂියාගේ කාලයේ දී සමිඳාණන් වහන්සේ ශෙපනියාට දුන් පණිවුඩය මේ ය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂිගේ පුත්‍රයා ය.
2
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම මිහි පිට ඇති සියලු දේ සහමුලින් ම විනාශ කරන්නෙමි.
3
මම සියලු මිනිසුන් ද ස්ත්‍රීන් ද අහසේ කුරුල්ලන් ද මුහුදේ මත්ස්‍යයන් ද විනාශ කරමි. දුෂ්ටයන් වැටෙන්නට සලස්වා, මනුෂ්‍ය වර්ගයා මිහි පිටින් සහමුලින් ම විනාශ කරන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
4
“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.
5
ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි.
6
මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”
7
සමිඳාණන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්න ය. එබැවින් උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! සමිඳාණන් වහන්සේ පූජාවක් පිළියෙළ කළ සේක. පූජාව සඳහා සිය සෙනඟ කැපකළ සේක.
8
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි.
9
ඒ දවසේ දී විජාතීන් ලෙස නමදින, සොරකම්කර, මිනී මරා සොරාගත් දෙයින් තමන්ගේ දේවාල පුරවාගන්න සියලු දෙනාට මම දඬුවම් කරමි.
10
“ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත.
11
සියලු වෙළෙඳුන් වැනසූ නිසා ද රිදී කිරන අය විනාශ කරනු ලැබූ නිසා ද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැලපෙන්න.
12
“ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සෝදිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි.
13
ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”
14
සමිඳාණන් වහන්සේගේ මහා දවස ළඟ ය; එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය. ඒ දවසේ දී හේවායෝ පවා බියෙන් කෑගසති.
15
ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.
16
පවුරු ඇති නගරවලටත් උස් කොත්වලටත් විරුද්ධ ව යුද්ධ හොරණෑ පිඹීමේ ද රණ හඬ නැඟීමේ ද දවසක් ය.
17
“ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
18
සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3