bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Zephaniah 2
Zephaniah 2
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.
2
නුඹ බොල් මෙන් පහකරනු ලබන්නට පෙර, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක් වන්න.
3
සමිඳාණන් වහන්සේගේ ආඥා පවත්වන, දේශයේ සිටින නිහතමානී ජනයෙනි, සමිඳාණන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න. බැගෑපත්කම සොයන්න, සමහර විට සමිඳාණන් වහන්සේ උදහස දක්වන දවසේ දී නුඹලා විනිශ්චයයෙන් බේරෙනු ඇත.
4
ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය.
5
මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.
6
මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.
7
ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.
8
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.
9
ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”
10
ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.
11
සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
12
එතියෝපිවරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම් කන්නහු ය.
13
සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.
14
හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.
15
සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3